Thursday, June 4, 2015

මකුළු දැල..?

කාලයක් තිස්සේ, පුදුම ඕන කමකින්
පුදුම ආසාවෙන් උඹ දැලක් ගහන්නෙ
බලාපොරොත්තු ගොඩක් හිතේ තියන්
ඇත්තටම ඕක...
බලාපොරොත්තු දැලක්

ඒත්
ක්ෂණිකව යම්කිසියකින් ඕක
කැඩිල යනකොට
අර බලාපොරොත්තුත් ඒ එක්කම කැඩිල යනව
උඹෙ තියන විලි ලැජ්ජ නැති කමට හරි
පුරුද්දට හරි කඩා නොවැටෙන හයිය හින්ද හරි
උඹ අලුත් තැනක අලුත් දැලක් අමුනන්නෙ
කලින් කිසිවක් නොවුන ගානට, මැරිල ඉපදුන ගානට
අතීතය අමතක කරපු උබට කොහොමත්
අනාගතයක් නැත්තටම නැති වෙන එකේ අමුත්තක් නෑ

චේරු(ruchika)
 පෙ.ව 7.50
2014-10-22

වලාකුළ

වලාකුළ
උඹ එක පාරටම වහින්න ගන්නව
ඕනෙවටත් වඩා . නවත්තන්නෙ නැතුවම එක දිගටම,
මහ හයියෙන් මව තෙමන්න හදනව
ඒක මට වදයක්
වැස්ස මට ඕනෙ ඔය විදියට නෙවෙයි
උඹ මව හිර කරල
උඹව අප්පිරිය වෙන්නම
උඹෙ වැස්ස වැඩි වෙනකොට ඉක්මනට අකුනු ගහනව කියල මන් දන්නව
වලාකුළ
තව වෙලවක උඹ පේන්නවත් නෑ
මාව පිච්චෙන්න දාල උඹ නෑ
මට ඕන බව දැන හෝ නොදැන උඹ නෑ
වලාකුළ
මතක තියාගනින්.
තේරුම් ගනින්
මට ඕනෙ සීත කලයවත් ග්‍රීස්ම කලයවත් නෙවෙයි
වසන්ත කාලය


චේරු (ruchika)
12.07 p.m
2014-10-23

කඩදාසි බෝට්ටුව

ලස්සන කොලයක් හොයාගෙන
දන්න වැඩ සේරම දාල
මගෙ වෙලාව නාස්ති කරන්
පුලුවන් උපරිමෙන් ලස්සන කරල
උබව වැස්සෙ පිරුන වතුර වලකට දාන්නෙ
පුදුම ආසාවෙන්
ඒත්
වතුර බිංදු එක දෙක වැටෙනකොට උබෙ මතට
අර ලස්සන බොදවෙලා යන්නෙ
හරියට මට පාච්චලේට වගේ
අබලන් උන උබ අර වතුර වලේ කුනු වතුරටම ගිලිල යන්නෙ ආසාවෙන් වගේ
උබේ ඕන කමින් උබම ගිලිල කුනු කාණු තෙක් ගලාගෙන යනකොට
මාත් තව කඩදාසි බොට්ටුවක් හදන්න උත්සහ කරන්නෙ ලැජ්ජ නති කමට වඩා පුරුද්දට හරි ආසාවට වෙන්න ඇති


චේරු(ruchika)
10:34a.m
2014-10-27

කඩදාසි රොකට්

මන් හැදුව කොලේකින් චාම් පුන්චි රොකට්ටුවක්
ඒක ලස්සනට පාවුනා මට මතකයි
නිදහසේ
සැහැල්ලුවෙන්
පිස්සුවෙන්
ඒත් මට ඕන උනා ඒක ලස්සන කරන්න
මන් එකට තව ලස්සන දේවල් එකතු කරා
පාට කොල ඇලෙව්ව
පාට කලා
කැටයම් දැම්ම
මල් ඇලෙව්ව
මන් ඒක ආසාවෙන් උඩ යැව්ව
ඒත්...
ඒක ඉස්සර වගේ
නිදහසේ පාවෙන්නෙ නෑ, හරිම අමාරුවකින් පාවෙන්නෙ
නිදහස් ආකාසෙත් හිරවෙලා...
මන් ආයෙත් ඒක ලස්සන කරන්න දාපු හැමදේම අයින් කරා,
හැමදේම...
ඒත්...
ඉස්සර වගේ දගකාර, නිදහසේ පාවෙන රොකට් එක මට පේන්න නෑ
මට තියෙන්නෙ තීරන දෙකයි
මගෙ රොකට් එක ගිනිතියල දානවද
නැත්තන් ඒක දිහා බලන් හූල්ලනවද
බයගුල්ලෙක් නිසාම මන් දෙවනි එක තෝරගෙන.


cheru (රුචික)
12:36 am
05.07.2014